Saturday, November 21, 2015

සිහින සේයා පළමු දිගහැරුම

"සිහින......නැගිටින්න දරුවෝ, කොළඹට යනකොට පරක්කු වෙලා තියෙයි නැත්නම්. අප්පච්චි එක්කම යන්න පුලුවන් ස්ටේෂන් එකට...නැගිටින්න නැගිටින්න කම්මැලිකම නැතුව"

ඒ මගේ අම්මා....කතාව පටන් ගන්නකොටම මම නිදි..මගේ නම සිහින..ඒක දැනටමත් දන්නවනෙ ඔයා...ඉතින් මේ මගෙ කතාව.. මගෙ ගම නුවර. මම හැදුනෙ වැඩුනෙ පාසල් ගියේ..මේ ලස්සන පූජනීය නගරේ.. මගේ පවුලේ අම්මා, අප්පච්චි, අයියා, අක්කා මම.. ඔව් මම තමයි බඩ පිස්සා..

අද මම කොළඹ යන්න ඕනි...ඇහුනනේ අම්ම කියනවා...ඉතින් දත් මදින ගමන් කතාව කියන්නම්..අව්ලක් නෑ නෙ...මගේ අම්ම ගෘහනියක්..අප්පච්චි රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ  රැකියාවක් කරනවා, අක්කා වෙන්න දොස්තර  නෝනා..එයා නම් ඇවිදින්නේ  නලාව කරේ දාගෙන.. අයියා මොරටුවේ ඉන්ජිනේරු පීඨයේ.. අපේ නම් නෑ නෙ ඔය අනන් මනන් මල්ලි, මම ඉතින් කරේ කොමස්..මට ඒක අල්ලලා ගියා. ඒ ලෙවල් කරන කාලෙ මම සිමා කරා..ඉතින් ඒ ගමන්ම මට රස්සාවකුත් ලැබුනා ලන්කාවේ ප්‍රධාන පෙලේ ආයතනයක..ඉතින් මම ඉන්ටවිවි එකෙන් පාස් වෙලා කෝල් එක ආවේ ඊයේ..ඉතින් මම දැන් යන්නෙ ලොකු අම්මලගෙ ගෙදර..ලොකු අම්මල ඉන්නේ නුගේගොඩ..

"අම්මා මම ගිහින් එන්නම්.."

"පරිස්සමෙන් පුතා, දන්නවනේ අද රටේ ලෝකෙ වෙන දේවල්.. ලොකු අම්මට මන් කිව්වා..මේ තාත්තගෙ හදිසි වැඩක් යෙදුනනේ හෙටම..ඊලග සතියේ අපි එන්න්නම්...ගිය ගමන් කෝල් එකක් දෙන්න හරිද? දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!"

ගුජු ගුජු ගුජු ගුජු.........

කෝච්චිය හිමීට ගමන පටන් ගත්තා...හිතට එක එක දේවල් එනවා, ගොඩක්ම දැනෙන්නේ අම්මා නැති අඩුව. මෙච්චර දවස් හුරතල් වෙවී හිටියනෙ බැනුම් අහ අහ හරි විහිලුවට උනත්..දැන් ඉතින් ඔක්කොම වෙනස් වෙනවා..ජීවන රටාව..කොළඹ,, මිනිස්සු...ඝෝෂාව...ඒක තමයි ජීවිතේ..ජීවිතේ කියන්නේ නවාතැනක් නෙවේ...ඉවර වෙන්නේ නැති ගමනක්...ඉතින් මම දැන් ඒ ට්‍රැක් එකට වැටිලා කියල මට හිතෙනවා..

"ලොකු අම්මෙ......................."

"දරුවෝ....එන්න එන්න...දොර ඇරල තියෙන්නේ.... මම මේ කුස්සියේ"

"ලොකු අම්මෙ.."

"ඔක්කොම ලෑස්තිද පුතා දැන් හෙට යන්න.."

"ඔව් ලොකු අම්මා..."

"මම උඩ කාමරේ ලෑස්ති කරල තියෙන්නේ. ..ඔයා වොශ් එකක් දාලා එන්න පුතා කන්න"

"හරී''

මේ මගෙ පළවෙනි රස්සාව...ගෙදර අය නැතුව පිට ඉන්න පළවෙනි දවස..ඉතින් හිතට හරි අමුත්තක් දැනෙන්නේ..හැමදේම කාලය එක්ක හරියයි....හෙට ගිහින් බලමුකෝ මොනාද වෙන්නේ කියලා